Published
ඩිජිටල් ගනුදෙනු සඳහා පහසුකම් සැලසුවද ඒ හරහා ගනුදෙනු කිරීමේ අඩුවක් දක්නට ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඒ අනුව බස්නාහිර පළාතෙන් බැහැරව තවදුරටත් මුදල් හා නෝට්ටු භාවිතය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි මහබැංකු අධිපතිවරයා පැවසුවේ.
ඒ අනුව ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරනවා සේම ඒ හා සමානවම බැංකු හා මූල්‍ය ආයතන, ඊට අදාළ යටිතල පහසුකම් ග්‍රාමීය මට්ටම දක්වාම රැගෙන යා යුතු බවද මහබැංකු අධිපතිවරයා පැවසුවා. ශ්‍රී ලංකා මහබැංකුව දඹුල්ල ප්‍රදේශයේ සංවිධාන කළ ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළා.