නිව්යෝර්ක් නගරයේ නගරාධිපති ධුරය අපේක්ෂක ඩිමොක්‍රටික් පක්ෂයේ සොහ්රාන් මම්දානි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සම්බන්ධයෙන් ප්‍රකශයක් සිදු කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ තමා නගරාධිපති ධුරයට තේරී පත් වුවහොත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නගරයට ඇතුළු වීමට කටයුතු කළහොත් නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරන බවයි.

එක්සත් ජනපදය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකාරිය පිළි නොගත්තද, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුවට ගරු කරන බවත්, ගුවන් තොටුපළේදී ඔහුව භාරයට ගැනීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගන්නා බවයි මම්දානි පවසා ඇත්තේ.

නෙතන්යාහුට ගාසා තීරයේ යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම හේතුවෙන් එලෙස අත්අඩංගුවට ගන්නා බවට ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් පෙනී සිටින නගරයක් බවට පත් කිරීම සිය ආශාව බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙය තමා විසින් ඉටු කිරීමට අදහස් කරන ක්‍රියාවක් වන බවයි මම්දානි විසින් විදෙස් මාධ්‍යක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ.