ඉදිරි කාල සීමාව තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එය වළක්වා ගැනීම සදහා සිය අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ

මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.