Published
දිවයිනේ සෑම පරිශ්‍ර පහකින් එකකම ඩෙංගු මදුරුවන් බෝ විය හැකි අවදානම් ස්ථාන හඳුනාගැනීමට මෙතෙක් සිදු කළ පරීක්ෂාවන්ට අනුව හැකි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ මදුරු මර්දන සතියේ දින දෙකක් තුළ පමණක් සිදු කළ පරීක්ෂාවලදී මෙම තොරතුරු අනාවරණය වූ බවයි.
ඩෙංගු මදුරුවන් බෝ වීම වැළැක්වීම සඳහා ජනතාව තුළ ඇති උනන්දුව තවමත් අවම මට්ටමක පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ.
මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර සොයා විශේෂ මදුරු මර්දන සතියක් මේ වන විට ක්‍රියාත්මකයි.
ඉකුත් සඳුදා සිට ආරම්භ වූ මෙම මදුරු මර්දන සතියේ තුන්වන දිනය අදයි. එය ලබන පස්වනදා තෙක් ක්‍රියාත්මකයි.