රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

එම වැඩසටහන ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය හා එක්වයි.

වර්ෂාවෙන් පසුව මීළඟට ඇතිවන විශාලම ව්‍යවසනය වන්නේ ඩෙංගු වසංගතය බවයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ.

එම ව්‍යවසනය හැකිතාක් පාලනය කිරීමට ප්‍රයත්න දරන බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහලේකම් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා සඳහන් කළේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ මාර්ගෝපදේශ මත එම ඩෙංගු පාලන වැඩසටහන දියත් කරන බවයි.