දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

අමෙරිකාව, කොරියානු රජය සමඟ පූර්ණ වෙළඳ ගිවිසුමකට එකඟවීම හේතුවෙන් ඉහළ තීරු බද්දක් පැනවීම වැළැකී ගිය බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.

දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් ප්‍රකාශ කර ඇත්තේ අනෙකුත් රටවල් හා සසදන විට සිය රටට පනවා ඇති තීරු බද්ද යහපත් මට්ටමක පවතින බවයි.

අමෙරිකාව සමඟ පූර්ණ වෙළඳ ගිවිසුමක් ඇතිකර නොගත්තේ නම් දකුණු කොරියාවට අමෙරිකාව විසින් සියයට 25ක තීරු බද්දක් පැනවීමට ඉඩ තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර ඉන්දියාවෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නිවේදනය කළා.