අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාව සහ ජපානය අතර නව වෙළඳ ගිවිසුමකට එළඹ තිබෙනවා. අමෙරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වන්නේ ජපානයයි.
ඒ අනුව ඔවුන්ට මීට පෙර පැනවූ තීරුබදු සහ වාහන ආනයන බදු සියයට 25 සිට සියයට 15 දක්වා අඩු කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
අමෙරිකාව සහ පිලිපීනය අතර ද නව ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට පැනවූ තීරු බදු ද සියයට 19ක් දක්වා අඩු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ අමෙරිකාව සිය විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වන ජපානය සමඟ දැවැන්ත වෙළඳ ගිවිසුමකට එකඟ වී ඇති බවයි.
මෙම සැලැස්මේ ප්‍රතිඵලයක් ලෙස ජපානය ඩොලර් බිලියන 550ක් අමෙරිකාවේ ආයෝජනය කිරීමට නියමිතයි.
ජපානය තම ආර්ථිකය මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අමෙරිකානු භාණ්ඩ සඳහා විවෘත කරනු ඇති බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.