ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය සහිත රසායනාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය රසායනාගාර ආයතනයක් එකඟතාව පළ කර තිබෙනවා.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ අත්සන් තැබුණා.

මෙම ව්‍යාපෘතියේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 15ක්.

දිවයින පුරා මේ වනවිට පවතින රසායනාගාර සමඟ එක්ව ප්‍රධාන රසායනාගාරයක් ලෙස කටයුතු කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි භාණ්ඩ සහ සේවාවල තත්ත්වය තහවුරු කිරීම මෙම රසායනාගාරය මගින් සිදු කිරීමට අපේක්ෂිතයි.