තංගල්ල ප්‍රදේශයෙන් ඊයේ සොයා ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරන බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි දකණු පළාත් භර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයරත්ත මහතා නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කරුණු දැක්වූයේ මෙලෙසයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇති බව නෙත් නිවුස් කරුණු විමසීමකදි දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයරත්ත මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ මහජනතාවගෙන් මේ වන විට විශාල වශයෙන් පොලීසියට තොරතුරු ලැබෙමින් පවතින බවයි.