ඇල්ල ප්‍රදේශයේදී බස් රථය ප්‍රපාතයට පෙරළුණු ස්ථානයට තංගල්ල නගර සභාවේ කණ්ඩායම් දෙකක් පිටත්කර හැර තිබෙනවා. තංගල්ල නගර සභාවේ සභාපති පී පී ජී නන්දසිරි මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ අදාළ ස්ථානයේ තවදුරටත් සිදු කෙරෙන මෙහෙයුම් සඳහා එම කණ්ඩායම් දෙක යොමු කළ බවයි. අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තංගල්ල නගර සභාවේ මේ ව වන විට විශේෂ රැස්වීමක්ද පැවැත්වෙනවා. එම නගර සභාවේ සාමාජිකයින් ඇතුළු 34 දෙනෙකු විනෝද චාරිකාවන නිරත වෙමින් සිටියදී අදාළ බස් රථය අඩි දහසක පමණ ප්‍රපාතකට පෙරළී ගොස් තිබුණා. එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ. තුවාල ලැබූ එක් පුද්ගලයෙකු බදුල්ල ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
Published