Published
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමඟ සමීප සබඳතා පැවැත් වූ පොලිස් සැරයන්වරෙකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පවසනවා.
එම සැරයන්වරයා එම සැකකාරිය සමග එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ පිලිබදව පරීක්ෂණ පවත්වනු ලබනවා.




