Published
බංග්ලාදේශය සමග හෙට පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී නවක ක්‍රීඩක සොනාල් දිනූෂට අවස්ථාවක් හිමි වනු ඇතැයි ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පවසනවා.
ඒ, තරඟයට පෙර පැවති මාධ්‍ය හමුවකට අද එක්වෙමින්.
හෙට තරඟය පැවැත්වෙන තණතීරුව සම්බන්ධයෙන් ධනංජය ද සිල්වා අදහස් පළ කළා.
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා.