Published
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, හෙට පෙරවරු 08යි 30 සිට අනිද්දා දින පෙ.ව. 8.30 දක්වා වලංගු වන පරිදියි.
ඒ අනුව නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.




