කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ඉදිරි පැය 24ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුර, උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත් සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය වලංගු වනවා.

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්ක සඳහා විටින් විට හමන පැයට කිලෝ මීටර් 55ක 60ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 40ක 50ක පමණ තරමක තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.