චෙන්නායි වරායේ සිට මෙටි්‍රක් ටොන් 950ක් බරැති අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නෞකාවක් කොළඹ බලා පිටත්ව තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආපදාවට ලක් වූ ජනතාවට බෙදා දීම සඳහා ආහාර සහ රෙදිපිළි රැගත් මෙම නෞකාව තමිල්නාඩු මහඇමති එම්. කේ. ස්ටාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවට පිටත් කර හැර ඇති බවයි දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය ගනේෂනාදන් ගීතීස්වරන් මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.
මේ අතර ඉන්දියාව විසින් නම් කර ඇති සාගර බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මේ අතර පීඩාවට පත් මෙරට ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් ස්විට්සර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
එම ගුවන් යානය තුළ ජල පිරිසිදුකරණයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සදහා අවශ්‍ය තවත් උපකරණ රැසක් අඩංගු ඇසුරුම් 17 ක් තිබූ බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ..




