Published
චෙන්නායි වරායෙන් පිටත් වූ මෙටි්‍රක් ටොන් 950ක් බරැති අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නෞකාවක් අද කොළඹ වරාය කරා ළඟා වීමට නියමිතයි.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආපදාවට ලක් වූ ජනතාවට බෙදා දීම සඳහා සීනි, පරිප්පු, කිරි පිටි සහ රෙදිපිළි රැගත් එම නෞකාව තමිල්නාඩු මහඇමති එම්. කේ. ස්ටාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට පිටත් කර හැර තිබෙනවා.
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය ගනේෂනාදන් ගීතීස්වරන් මහතා මේ බව සඳහන් කළා.




