උතුරු මැද පළාතට අලුත් පොලිස් කොට්ඨාසයක් ලෙස එක්වූ තඹුත්තේගම පොලිස් කොට්ඨාසයට අයත් තඹුත්තේගම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කර තිබෙනවා.
ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්

මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි විය.

තඹුත්තේගම පොලිස් කොට්ඨාසයට පොලිස් ස්ථාන 12ක් අයත් වන අතර මෙය 46 වන ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසය ලෙස ඉතිහාසයට එක් වනවා.