අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ බදු සියයට 44 සිට සියයට 20 දක්වා අඩු වීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බව මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා පැවසුවේ බදු අඩු කර ගැනීමේ ක්‍රියාවලියේ තවත් සම්පූර්ණ කරගත යුතු කාර්යභාරයන් රැසක් පවතින බවයි.

කලාපීය සෙසු රටවල් හා සාපේක්‍ෂව ගත් කළ ශ්‍රී ලංකාව දැන් තරඟකාරී මට්ටමක පවතින බවයි ලේකම්වරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ගත් කළ මෙලෙස බදු අඩුවීම සතුටුදායක තත්ත්වයක් බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනට සජීවීව එක්වෙමින්.