යතුරු පැදියෙන් රැකියාවට යමින් සිටි තරුණයෙකුගේ නැති වූ මුදල් පසුම්බිය නැවත ඔහුටම ලබා දුන් සිද්ධියක් අලුබෝමුල්ල පොලිසියෙන් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් එම තරුණයා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අලුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පො.ප සන්ජීව ලක්මාල් මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ට ස්තුතිය පළකර තිබුනා.

ඔහු තැබූ සටහන පහතින්

"ලංකාව කියන්නේ සුන්දර මිනිසුන් සිටින පුන්චි රටක්.ඒ රටේ සුන්දර මිනිසුන් සිටින ලස්සන තැනක් ගැන කියන්නම ඕනේ.....
සිද්දිය කෙටියෙන්.
අද උදේ මම මගේ යතුරු පැදියෙන් සුපුරුදු පරිදි වැඩට යන ගමන් හිටියේ..
මම පානදුරේ හිරන හරියෙ තිබුන කඩේකින් නැවැත්තුවා තේ එකක් බොන්න.මම සල්ලී දෙන්න හදනකොට මම දැන ගන්නවා මගේ මුදල් පසුම්බිය නෑ කියලා.මගෙ මුදල් පසුම්බියේ මුදලින්
01-රුපියල් 5000ක්
02-ජාතික හැදුනුම්පත්.
03-රියදුරු බලපත්‍ය
04- ආදයම් බලපත්‍ර
ඒ ඔක්කොටම වඩා මගේ
05- බැන්කූ කාඩ්පත
හොදම දේනම්
06-බැංකූ කාඩ්පත සමග මගේ රහස් අංකය තිබිම.මගේ පපුව පිච්චිලා ගියා...මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.
ඒත් එක්කම මම කල්පනා කර කර ඉද්දි මට අදුරන් නැති නම්බරෙකින් කෝල් එකක් එනවා.මම අලුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පො.ප සන්ජීව ලක්මාල් කතා කරන්නේ ඔයාගේ මුදල් පසුම්බිය අපි ගාව තියෙනවා ඇවිත් අරන් යන්න කියලා.ඇත්තටම මේ වගේ පොලිස් මහත්තුරු මේ කාලේ අඩුයි...මේ සම්බන්ධව මන් සටහනක් දාන්න ඕනේම කියලා හිතුනා.
අලුබෝමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති
පො.ප සංජීව ලක්මාල්
පො.කො 92475 චමෝද්
පො.කො23332 නයනජිත්
පො.කො100051 බණ්ඩාර
මෙවැනි පොලිස් නිලධාරීන් මුලු පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක් 👮‍♂️❤️"