පසුගිය අයවැයේදී සෑම ක්ෂේත්රයක් සඳහාම අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතත්, ඒවා නිසි පරිදි අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීම පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ එම ප්‍රතිපාදන මෙම මූල්‍ය වර්ෂය තුළ නිසි පරිදි අවසන් කර ජනතාවට ප්රතිලාභ සැලසීම ප්රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කළ යුතු බවයි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇතුළුව සියලුම ක්ෂේත්රවල මෙතෙක් පැවති ගැටලුව වන්නේ එහි උන්නතිය වෙනුවෙන් නිසි පරිදි අයවැය ප්‍රතිපාදන වෙන් නොවීම බවත් ජනාධිපතිවරයා පෙන්වාදී තිබෙනවා.
ඒ, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2026 පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමින්.
රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය සැලැස්ම සකස් කරන ලෙසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
ඒ සඳහා කෙරෙන ප්‍රතිපාදන වෙන් කිරීම හුදු ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පමණක් නොව, රටේ සෞඛ්‍යය, සමාජ සුබසාධනය, අපරාධ අඩු කිරීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීම, සාමූහිකත්වය නිර්මාණය කිරීම මෙන්ම, ජව සම්පන්න ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම ආදී අරමුණු රැසක් එකවර ළඟා කර ගන්නා ආයෝජනයක් බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
ක්‍රීඩාවේදී ජවය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, මේ යුගයේදී පුහුණුව සහ තාක්ෂණය එහි තීරණාත්මක සාධක බවත්, ක්‍රීඩකයන්ට ඊට අවශ්‍ය පහසුකම් ලබා දීම ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්රමුඛ කාර්යයක් බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.
රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම, ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය, ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට ගෙන යාම අරමුණු කර ගනිමින් 2026 වසර සඳහා අයවැය යෝජනා සකස් කිරීමේ වැදගත්කම පිළිබඳවද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.
Published