ජාතික තරුණ සේවා සභාව වත්මන් ආණ්ඩුව විසින් දේශපාලනීකරණය කරන බවට විපක්ෂය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා. පරාජිත ඇතැම් පුද්ගලයින් එවැනි මතයක් නිර්මාණය කිරීමට උත්සහ දරමින් සිටින බවයි මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නියොජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.