තලවකැලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පුද්ගලයෙකු අද(26) පසුවරුවේ ගිනි තබා ගෙන ඇති බවත් පසුව බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයාව ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවූ බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසනවා.

හැටන් ලෙදන්ටි වතුයායේ පදිංචි වේළුසාමි පුෂ්පරාජ් නැමති එම පුද්ගලයා පවුලේ ඥාතින් විසින් මානසික රෝගි තත්වයෙන් පෙලෙන අයෙකු බව හගවමින් තම දරුවන්ව තමන්ගෙන් වෙන් කල බවට ලිපියක් ලියා තබමින් එම පුද්ගලයා සිරුරට ගිනි තබා ගෙන ඇත.

තමන්ට සිදු වන අසාධාරණය සම්බන්ධයෙන් හැටන් පොලිසියටද තමන් පැමිණිල්ලක් සිදු කල බවත් එම පැමිණිල්ලටද සාධාරණයක් ඉටු වී නොමැති බවයි එම ලිපියේ සදහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය විමර්ෂණ සිදු කරනු ලබනවා.