වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියෙකු සහ ව්‍යාපාරිකයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද අලු‍යම එම වෙඩි තැබීම සිදුව ඇති බවයි තලංගම පොලීසිය පැවසුවේ.

අදාළ සැකකරුවන් දෙදෙනා අතර බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව ව්‍යාපාරිකයා විසින් තමා සතුව තිබු රිවෝල්වර වර්ගයේ ගිනිඅවිය සුරාබදු නිලධාරියා වෙත එල්ල කර තිබෙනවා.

එහිදි සුරාබදු නිලධාරියා විසින් එම ගිනි අවිය උදුරාගෙන අසල පිහිටි තාප්පයක් වෙත උණ්ඩ 4ක් එල්ල කර ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව තලංගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ගිනි අවිය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය පැවසුවේ.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ සුරාබදු නිලධාරියා වික්‍රමසිංපුර සුරාබදු කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු වනවා.