ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පළාත් දෙකකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකුට තුවාල ලබා ඇතැයි තලේබාන් සංවිධානය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රහාරයෙන් නිවාස කිහිපයකට ද හානි සිදුව ඇති බවයි. ප්‍රහාර සම්බන්ධයෙන් තලේබාන් රජය අසල්වැසි පකිස්තානයට චෝදනා එල්ල කර තිබේ. තලේබාන් සංවිධානයේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ නන්ගර්හාර් සහ කෝස්ට් පළාත්වල සිදු වූ ගුවන් ප්‍රහාර සඳහා තරයේ විරෝධය පළ කරන බවයි. අමාත්‍යංශය එම ප්‍රහාර පකිස්ථානයේ ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙස හඳුන්වමින් සහ කාබුල්හි පකිස්ථාන තානාපතිවරයා කැඳවා ඇතැයි ද වාර්තා වේ, ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශය ද මෙම ප්‍රහාර හෙළා දැක තිබේ. එම අමාත්‍යංශය පවසන්නේ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවලින් දෙපාර්ශවයටම ප්‍රයෝජනයක් නොමැති බවයි. එමෙන්ම වගකීම් විරහිත ක්‍රියාකාරකම්වල ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි ද ඇෆ්ගන් බලධාරීන් පකිස්තානයට පවසා තිබේ. කෙසේවෙතත් පකිස්තාන රජය හෝ හමුදාව මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
Published