පුද්ගලයින් 49 දෙනෙකු සමග අතුරුදන් වූ රුසියානු මගී ගුවන් යානයක සුන්බුන්, චීන – රුසියා දේශසීමාව අසල දී සොයාගෙන තිබෙනවා.

එහි ගමන් ගත් මගීන් සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය අය අතර ළමුන් 06 දෙනෙකු ද වනවා.

කඩා වැටුණු ගුවන් යානය සයිබීරියාවේ “ඇන්ගාරා” ගුවන් සේවයට අයත්.

එම ගුවන් යානය චීන – රුසියානු දේශසීමාව අසල ටින්ඩා නැමැති නගරය බලා පියාසර කරමින් තිබියදී රේඩාර් පද්ධතියෙන් අතුරුදන්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එලෙස කඩාවැටී ඇත්තේ රුසියාවේ නිෂ්පාදිත “ඇන්ටනෝව් – 24” වර්ගයේ ගුවන් යානයක්.

———————————————–Update———————————————–

රුසියානු මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තිබෙනවා.

සයිබීරියාව පදනම් කරගත් “අන්ගාරා” ගුවන් සේවයට අයත් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

රේඩාර් පද්ධතියෙන් අතුරුදන්ව තිබූ එම යානාවේ සුන්බුන් චීන – රුසියා දේශ සීමාව ආසන්නයේ තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

මිය ගිය පිරිස අතර දරුවන් පස් දෙනෙකු වන බවද එම වාර්තාවල සඳහන්.