තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදී ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව සන්දිවේලි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරික්‍ෂක එම් සුදර්ශන් මහතා සාමාන්‍ය රාජකාරී සඳහා මොණරාගල කොට්ඨාසය වෙත මාරු කර තිබෙනවා.
මොණරාගල කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරික්‍ෂක ඊ එම් පී ඩී රත්නායක මහතා ඇටවිරගොල්ලෑව පොලිස් ස්ථානාධිපති ලෙසයි පත් කර ඇත්තේ.
ප්‍රධාන පොලිස් පරික්‍ෂක ජී ජී එස් පී කේ ගුණසේකර මහතා ගලහ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සන්දිවේලි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස පත් කර තිබෙනවා.
අම්පාර කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරික්‍ෂක ප්‍රධාන පොලිස් පරික්‍ෂක එම් සතාන් මහතා පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී ඉටු කිරීමට යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
තනතුරේ රාජකාරී ඉටුකිරීමේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක කේ ජී ආර් අභයවංශ මහතා මඩාටුගම තනතුරේ සිට ගලහ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස පත් කර තිබෙනවා.
කෑගල්ල කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරික්‍ෂක ඩබ් එස් එන් කේ සිරිසේන මහතා මඩාටුගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි පත් කර ඇත්තේ.
මෙම පත්කිරීම් සහ ස්ථාන මාරු කිරීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සිදුකළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.