ආපදාවන්ට පත් වූවන්ට තවත් සැලකිය යුතු කාලයක් සහන ලබාදීමට සිදුවනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ විපතට පත් වූවන් මුදාගැනීමේ කටයුතු ද තවදුරටත් සිදුවන බවයි.

අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනිම සඳහා මාසයක විශේෂ සහන කාලයක් ලබාදී තිබෙනවා.

පසුගිය මස 25 වනදා සිට මාසයක කාලයක් සඳහා එම සහන කාලය ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ.

එම කාලවකවානුව තුළ කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ළඟ තබාගෙන රිය පැදවීම රථවාහන නීති උල්ලංඝණය කිරීමක් ලෙස නොසලකන ලෙසටයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් දැණුම් දී ඇත්තේ.