ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ මගින් අනතුරු ඇඟවීම හේතුවෙන් ඉන්දියාවේ සියලුම ගුවන්තොටුපොළවල ආරක්ෂාව තර කිරීමට එරට බලධාරින් පියවර ගෙන තිබෙනවා. සැප්තැම්බර් 22 සහ ඔක්තෝම්බර් 02 අතර කාලය තුළ ත්‍රස්තවාදී හෝ සමාජ විරෝධී කොටස්වලින් එල්ල විය හැකි තර්ජන පිළිබඳ ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව ඉන්දියාවේ සියලුම ගුවන්තොටුපොළවල ආරක්ෂක අංශ දැඩි සීරුවෙන් තැබීමට ඉන්දීය සිවිල් ගුවන් සේවා ආරක්ෂක කාර්යංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගුවන්තොටුපොළවල් මෙන්ම ගුවන් පත, හෙලිකොප්ටර් යානා ගොඩ බස්වන ස්ථාන, පියාසර පාසල් සහ පුහුණු ආයතනවල ආරක්ෂාව තර කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ.