ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3යි දශම 9ක භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා.

කෙසේවෙතත් එම භූකම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි එම කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් මහත්මිය පැවසුවේ.

මේ අතර අද රාත්‍රියේ ද බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.