Published
දිට්වා සුළි කුණාටු සහ ආපදා තත්ත්වය හේතුවෙන් ජන ජීවිතයට සහ පරිසරයටද වූ හානිය අති මහත්.
ඒ අතර මහාමාර්ගවලට සිදුවූ හානියද සුළු පටු නොවේ.
කෙසේවෙතත් ජන ජිවිතය යථාවත් කිරීම සදහා හානි වූ මාර්ග කඩිනමින් පිළිසකර කිරීමට රජය කඩිනමින් වැඩ ආරම්භ කළා.
ඒ අනුව හානි වූ ප්‍රධාන මාර්ග 256න් 190කට වැඩි ප්‍රමාණයක් කඩිනමින් පිළිසකර කර වාහන ගමනා ගමනයට මේ වනවිට ඉඩ සලසා තිබෙනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පැවසුවේ.
කැඩී ගිය පාලම් වෙනුවට පළමු තාවකාලික පාලම් ඉදිකරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මෙම කාර්යයන් සිදු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලයට අමතරව ත්‍රිවිධ හමුදාව මෙන්ම ජනතාවද උපරිම සහාය ලබාදෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා වැඩිදුරටත් පැවසුවේ.



