Published
මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ ගමන්ගත් ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් වැටී අද (23) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.
ගස වැටීම හේතුවෙන් එහි සිටි පිරිස් සිරවී ඇති අතර, මේ වනවිට එහි සිටි එක් දරුවෙකු මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
තලගොල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.
සෙසු පිරිස මුදාගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා.




