නව තානාපතිවරුන් පස් දෙනෙකු, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යංශය ලේකම්වරියක් පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම සහ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන් මහතාගේ නම එම කාරක සභාව විසින් අනුමත කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී.ඒ. චාමින්දා ඉනෝකා කොලොන්නේ, තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.ආර්.එම්.එන්.පී.ජී.බී. කදුරුගමුව, නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන් යන මහත්ම මහත්මීන්ගේ නම් ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.

එමෙන්ම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇති බවපාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.