තායිලන්ත-කාම්බෝජ දේශසීමාවේ පවතින යුදමය තත්වය උත්සන්න වෙමින් පවතින බව වාර්තා වේ.
එම ආතතීන් මධ්‍යයේ තායිලන්තයේ ඉන්දියානු තානාපති කාර්යාලය සංචාරක උපදේශනයක් නිකුත් කරමින් එම රටවල සිටින ඉන්දීය සංචාරකයන්ට දන්වා සිටියේ පවතින තත්වය පිළිබඳ විමසිලිමත්ව සිටින ලෙසයි.
නිල තායි මූලාශ්‍ර සහ තායිලන්ත සංචාරක අධිකාරිය නිකුත් කරන නිවේදන හරහා තත්වය සම්බන්ධයෙන් යාවත්කාලීනව සිටින ලෙසත් ඔවුන්ව දැනුවත් කර ඇත.
“තායිලන්ත-කාම්බෝජ දේශසීමා ආසන්නයේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, තායිලන්තයට යන සියලුම ඉන්දියානු සංචාරකයින්ට තායි නිල මූලාශ්‍රවලින් යාවත්කාලීන කිරීම් පරීක්ෂා කිරීමට උපදෙස් දෙනු ලැබේ. තායිලන්තයේ සංචාරක අධිකාරියට අනුව, දක්වා ඇති අනතුරුදායක ප්‍රදේශවල සංචාරය නොකරන ලෙස දැනුම් දෙයි” යනුවෙන් තායිලන්තයේ ඉන්දීය තානාපති කාර්යාලය X හි සටහනක පළ කර ඇත.
තායි-කාම්බෝජ දේශසීමාවේ පවතින නොසන්සුන්තාව හේතුවෙන්, තායිලන්තයේ සංචාරක අධිකාරිය නිවේදනය කළේ පළාත් හතක් හරහා ආකර්ෂණීය ස්ථාන කිහිපයක් වෙත සංචාරය නොකරන ලෙසයි.
ඒ අනුව Ubon Ratchathani, Surin, Sisaket, Buriram, Sa Kaeo, Chanthaburi, සහ Trat යන කලාප වෙත දැනට සංචාරය කිරීම සඳහා නිර්දේශ කර නොමැත.
තායිලන්ත කාම්බෝජ දේශසීමා ආසන්නයේදී උද්ගතවූ දෙපාර්ශවයේ හමුදා ගැටුම්වලින් තායි ජාතිකයන් 14 දෙනෙකු මිය ගොස් තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.