Published
තායිවානය ප්‍රථම වරට දේශීය වශයෙන් සංවර්ධනය කරන ලද සබ්මැරීනය අත්හදා බැලීම සිදු කර තිබේ.
එය චීන නාවික හමුදාවට එරෙහි ඔවුන්ගේ නාවුක බලඇණිය ශක්තිමත් කිරීම සහ චීනයෙන් එල්ල විය හැකි ආක්‍රමණයකදී සිය මුහුදු කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රමුඛ බලයක් ලෙස සලකයි.
තායිවානය සිය භූමි ප්‍රදේශයක් බව පවසන චීනය තායිවානය අවට සිදු කරන යුදමය ක්‍රියාකාරකම් තීව්‍ර කර තිබේ.
ඊට විරෝධය පළ කරන තායිවානය පවසන්නේ දේශීයව වැඩිදියුණු කරන ලද සබ්මැරීන වැඩසටහන සිය සන්නද්ධ හමුදා නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක ප්‍රධාන අංගයක් බවයි.
මෙම ව්‍යාපෘතියේදී තායිවානයට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක විශේෂඥ සහ තාක්‍ෂණ සහය හිමිව ඇත.
තායිවානය එම සබ්මැරීනය නම් කර ඇත්තේ Narwhal ලෙසයි.