දිවයිනේ ප්‍රදේශ රැසක වෙඩි තැබිම් සිදු වුවද එය ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නොවන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පාතාල කණ්ඩායම් අතර සිදු වන නොයෙකුත් ආරවුල් මත මෙම වෙඩිතැබීම් සිදු වන බවයි.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාද මේ දිනවල සිදු වන වෙඩි තැබීම් සම්බන්ධයෙන් ගාල්ලේදී අදහස් පළ කළා.

දිවයින පුරා සිදු වන වෙඩි තැබීම් සම්බන්ධයෙන් පොලීසිය මේ වන විටත් විමර්ශන ආරම්භ කරමින් අදාළ සැකකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට කටුයතු කරමින් සිටින බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.