තැපැල් සේවකයන් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. කෙසේවෙතත් හෙට දිනයේ විෂයභාර අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබා දී ඇති බවයි තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී ජී සී නිරෝෂන මහතා පැවසුවේ.

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද දිනයේද අදහස් පළ කළා. අමාත්‍යවරයා කියා සිටියේ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාලන සහ මෙහෙයුම් කාර්යාල දෙකටම අද දිනයේ ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කරන බවයි.