Published
තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වනවා. වර්ජකයින් පවසන්නේ වර්ජනය අත්හරින්නේ බලධාරින් සමග පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව පමණක් බවයි. කෙසේවෙතත් බලධාරින් වර්ජකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පළමුව වර්ජනය අත්හැර සේවයට වාර්තා කරන ලෙසයි. මෙවැනි වාතාවරණයක් තුළ තැපැල් සේවක වර්ජනය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අනාවරණයක් කළා.
වර්ජන ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී සිටින්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් මෙහෙයවන වෘත්තීය සමිති කිහිපයක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියා. වර්ජනයේ නිරත පාර්ශ්වය විසින් ඉල්ලා සිටින ඉල්ලීම් 19න් 17ක් මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින කරුණු බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කළේ.