රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ රට පුරා ශාඛා සමිතිවල හදිසි රැස්වීමක් අද පැවැත්වෙනවා. ඒ, ලබන සඳුදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව ගත් තීරණය සමාලෝචනය කර ඉදිරි පියවර ගැනීම සඳහායි. එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ද ලබන සඳුදා කොළඹදී රැස්වීමට නියමිතයි. ඔවුන් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ස්ථාන මාරු ඇතුලු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින්. වර්ජනයකින් තොරව ප්‍රශ්නය විසද ගැනීමට නොහැකි දැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතාගෙන් නෙත් නිවුස් ප්‍රශ්න කළා.

පවතින තත්ත්වය හමුවේ මෙරට රෝහල් 134ක් වැසීයාමේ අවදානමක් පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ අතර විදේශීය සහ දේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි විරෝධය පල කරනවා.