තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු කළද සැලසුම් කළ පරිදි තමන් අඛණ්ඩ වැඩ වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා. ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් අද පස්වරු 04 සිට පළමුව අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කරන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසුවේ. අද මධ්‍යම රාත්‍රී 12ට සෙසු තැපැල් සේවකයින්ද අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන බවත් ඒ අනුව තැපැල් සේවකයින් සියයට 95ක් පමණ වර්ජනයට එක් වන බවත් එම සංගමයේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවා.

සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙලෙස අඛණ්ඩ වැඩ වර්ජනයේ නිරත වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. කෙසේවෙතත් තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තැපැල් සේවකයන්ගේ නිවාඩු අද සිට අවලංගු බවයි.