2026 අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශවල වැය ශීර්ෂ මේ වන විට විවාදයට ගැනෙනවා.

තැඹිලි පැහැති ඇඳුමින් සැරසී මන්ත්‍රීවරියන් අද පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් පළ කළා.

එහිදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය අදහස් පළ කළේ මෙලෙසයි.

වාලච්චේනය සහ කොක්අඩිචෝලෙයි ප්‍රදේශවල පුරාවිද්‍යා ස්ථානවලට ගමන් ගන්නා මාර්ග හඳුනාගැනීම සඳහා සවිකර තිබූ නාමපුවරු කිහිපයක් කිසියම් පිරිසක් විසින් ඉවත් කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා.

2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තවත් තොරතුරු සවස 06.30 නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.