Published
නාරාහේන්පිට කම්කරු කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීමට පැමිණි කාන්තාවකගෙන් වංචනිකව මුදල් ලබාගත් තැරැව්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම කම්කරු කාර්යාලයේ පිවිසුම් දොරටුව අසලදියි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි වියේ පසු වන පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.




