මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් මත සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තුරු තිරප්පනේ පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටියදී කලහාකාරි ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට පුරුෂ වචනයෙන් බැන වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල සැකකරුවන් දෙදෙනෙකු මේ මස 23 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා නියෝග කළේය

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ පිලැස්ස මඩව මානාවරිකන්ද පදිංචි ඒ ඒ ජී නිරෝෂන් පුෂ්ප කුමාර සහ පිලැස්ස නුවර පාර දෙල්ගස්යාය පදිංචි ආර් ජී කසුන් මධුවන්ත නැමති සැකකරුවන්ය තිරප්පනේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පුෂ්ප කුමාර ජයතිලක මහතාගේ උපදෙස් මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කී අතර සැකකරවන් වෙනුවෙන් නීතිඥ සංජීව මහතා පෙනී සිටියේය.