තිස්සමහාරාම පොලිස් වසමේ සඳුන්ගම, ප්‍රගති මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියට සම්බන්ධ 24 හැවිරිදි සැකකරුවෙකු තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මරණකරුගේ මිතුරෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු හා මරණකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් මත බෝතලයකින් පහරදී දියේ ගිල්වා එම ඝාතනය සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.