Published
ගැටලු මතුව ඇති ස්ථාන මාරු ක්‍රියාවලියට නිසි විසඳුමක් ලබා නොදුනහොත් ඊට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රට පුරා සිටින සිය නියෝජිතයින් රැස් වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ. ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් එම ගැටලු නිර්මාණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.