Published
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ නායක පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 191ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත කඩුලු 03ක් බිඳ හෙළු අතර දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් බිඳ හෙළුවා.