කොළඹ මහනගර සභාව, මේ වන විට දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක්.
ඒ, එහි බලය පිහිටු වන්නේ කවුද යන්න පිළිබඳ තවමත් ඇදෙමින් තිබෙන මත ගැටුම් හේතුවෙන්.
මේ අතර තුර පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂවල සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඊට එක් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ කොළඹ මහනගර සභාවේ බලය පිහිටු වීම සම්බන්ධයෙන් ස්වාධීන කණ්ඩායම් සමග ද ධනාත්මක සාකච්ඡා පවත්වා ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක් වූ රාජිත සේනාරත්න මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගී වූ සංජීව එදිරිමාන්න මහතා ද මෙහිදී අදහස් පළ කළා.
කෙසේවෙතත් විපක්ෂයේ සියලු පක්ෂ එක් වූ විට වැඩි ආසන සංඛ්‍යාවක් තිබූ බණ්ඩාරවෙල මහනගර සභාවේ බලය පිහිටුවීමට පවා විපක්ෂයේ කණ්ඩායම්වලට හැකි වුණේ නැහැ.
එහිදී ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 06ක් පමණක් හිමිව තිබූ අතර විපක්ෂ කණ්ඩායම්වලට මන්ත්‍රී ධූර 10ක් හිමිව තිබුණා.
එහෙත් ඊයේ පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 04ක් ලබා ගනිමින් නගරාධිපතිවරයා පත් වුණේ ජාතික ජන බලවේගයෙන්.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටු වීමට නොහැකි වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් හා එක්සත් ජාතික පක්ෂයේ රාජිත සේනාරත්න මහතාගෙන් විමසා සිටියා.
කෙසේවෙතත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පළාත් පාලන ආයතනවලදී ජනතාව බලය ලබාදුන්නේ එක් එක් පක්ෂවලට මිල පොදුවේ විපක්ෂයට නොවන බවයි.
කොළඹ මහනගර සභාවේ පළමු රැස්වීම ලබන සඳුදා පැවැත් වීමට නියමිතයි.