තීරුබදු නොගෙවා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටට ගෙන එන ලද ජීප් රථයක් මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබියදි සොයාගෙන තිබෙනවා.

ඒ, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදීයි.

ව්‍යාජ ලෙස ලේඛන සකස් කළ එම ජීප් රථයක වර්තමාන හිමිකරුගේ නිවසේ තිබි එලෙස සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සිදුකළ විමර්ශනවලදී අනාවරණ වි ඇත්තේ එම ජිප් රථය හා එම රථයේ දත්ත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද වෙනත් ජීප් රථයක දත්තවලට ව්‍යාජව ඇතුළත් කර ලියාපදිංචි කර ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මකයි.