පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ අමෙරිකාව විසින් ලබා දී ඇති තීරුබදු සම්බන්ධයෙන් ඉදිරියටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම විපක්ෂය එල්ල කරන චෝදනාවලටද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.

අමෙරිකාව ලබා දුන් තීරුබදු ප්‍රතිශතය ගැන තමන් සතුටට පත් වන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පවසනවා.

කෙසේවෙතත් ඔහු පැවසුවේ ඉදිරියටත් අමෙරිකාව සමග සාකච්ඡා කර මෙම තීරුබදු ප්‍රතිශතය තවදුරටත් අඩු කර ගැනීමට කටයුතු කරන බවයි.