අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තීරු බදු ප්‍රතිශත සියයට 30ක් දක්වා අඩු කළද එය තවදුරටත් අඩුකර ගැනීමට අමෙරිකාව සමග සාකච්ඡා කරන බව කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
අමෙරිකාව විසින් පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
අමෙරිකාව විසින් ලබාදුන් තීරු බදු සහනය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කම්කරු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.
තවදුරටත් අමෙරිකානු නියෝජිතයින් සමග සාකච්ඡා කරමින් ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවයි කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
අපනයන ක්ෂේත්‍රයට සහ ඇගලුම් ක්ෂේත්‍රයට අමෙරිකාව පනවා ඇති තීරු බදු ක්‍රියාත්මක වීම තුළින් ඉදිරියට සෘජු හා වක්‍රාකාර බලපෑම් ඇති විය හැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ.
මේ අතර බිත්තර ගොවීන් මුහුණ පා තිබෙන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී කරුණු අවධාරණය කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
මෙරටට කිරි එළදෙනුන් අපනයනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ යම් අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට ද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළා.