තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තවත් ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරඟය ලකුණු 69කින් ජය ගනිමින්.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 195ක් රැස් කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ බාබර් අසාම් පන්දු 52කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 74ක්.
පන්දු යැවීමේදී සිකන්දර් රාසා ප්‍රතිවාදී කඩුලු 02ක් බිඳ හෙලුවා.
ජයග්‍රාහී ලකුණු 196ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු වාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 126ක් පමණයි.
රයන් බර්ල් නොදැවී ලකුණු 67ක් රැස් කළා.
සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා දැවී ගියේ ලකුණු 23ක් රැස් කරමින් සිටියදීයි.
සිම්බාබ්වේ කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට පාකිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී උස්මාන් තරික් ප්‍රතිවාදි කඩුලු 04ක් බිඳ හෙලුවා.




